Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධනය කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධනය කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14)දින පෙත්සමක් ද ඉදිරිපත් වී තිබේ.

මෙම සංශෝධිත කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කර කරගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා මෙම පෙත්සම අද (14)දින ඉදිරිපත් කර ඇත.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයා ය.

Related posts

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday

මානූෂීය මෙහෙයුම අවසන් කළ කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකටත් “මාර්ෂල්” තනතුරු

colombotoday

එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරන්ගේ දේශපාලන භූමිකාවේ හමුව

colombotoday

පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ට රජයෙන් පොළී රහිත ණයක් ගන්න අයැදුම්පත්‍ර භාරදීමට අවස්ථාව

Admin

දුමින්ද සිල්වා වරද පිළිගනී.. නඩු තුනටම දඩය රු300 යි

colombotoday

සාකච්ඡා අසාර්ථකයි.. දුම්රිය ස්ථානාධිපති වර්ජනය දිගටම

colombotoday