Colombo Today Local News

දුරකතනය නොදුන් මව සමග උරණ වූ සිසුවෙක් දිවි නහ ගෙන

මව දුරකතනය ලබානොදීමට උරණ වූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු සියදිවි හානි කරගත් පුවතක් අනුරාධපුර, දහයියාගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කිරීමට ඇබ්බැහි වී සිටි මෙම සිසුවා අධ්‍යාපන කටයුතු මගහැර තිබීම හේතුවෙන් බැණ වැදී පසුගිය 11 වැනිදා මව ජංගම දුරකතනය උදුරාගෙන ඇත.

ඊට උරණ වූ දරුවා නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවක කාමරයේදී සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් විමර්ශන මගින් හෙළිවී තිබේ.

සිසුවා ඉගෙනීමට දක්ෂයකු වන අතර ඔහු අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයෙන් සිදුවූ අවස්ථාවේදී මවගේ ජංගම දුරකතනයෙන් අධ්‍යාපන කටයුතු සිදුකර ඇත. ඒ අවස්ථාවේ ජංගම දුරකතන ක්‍රීඩා සඳහා පුරුදු වී තිබේ.

දරුවාගේ මව රාජ්‍ය ආයතනයක ලිපිකාරිණියකි. පියා පෞද්ගලික බස් සමාගමක සේවකයෙකි.

Related posts

දිඹුලාගල රජ්ජුරුවෝ.. ඉරක් දකිමු තිතක් ළඟ

colombotoday

පොලිස් නිලධාරියෙක් නිලධාරිනියන්ට හිරිහැර කිරීම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

Admin

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට බලපත්‍ර හෙට සිට එකම ආයතනයකින්

colombotoday

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දහයක් ඉල්ලා අස්වෙයි !

colombotoday

කඹ ඇදිල්ලක්: TNA,UNP අළුත්ම ව්‍යවස්ථාවක් ඉල්ලයි – ශ්‍රීලනිපය සංශෝධන පමණක් ඇති කියයි

colombotoday

ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයක

Admin