Colombo Today Local News

ඌරන්ට ඇද තිබු විදුලි රැහනක පැටලී දෙදෙනෙකු මරුට

පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ බටලන්ද සිංහපුර දී වල් ඌරන් සඳහා ඇද තිබු අනවසර විදුලි රැහනක හසුවී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පැල්මඩුල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සිංහපුර ඊරියමුල්ල පදිංචි රම්පටි මනන්නලාගේ පුන්සිරි පුෂ්පකුමාර නැමති තිස්නව හැවිරිදි තිදරු පියෙකු සහ ඊරියමුල්ල කට්ටඩිගේ දිනේෂ් මධුශංඛ නැමති 31 හැවිරිදි එක් දරු පියෙකි.

මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා බහුකාර්යය සංවර්ධන නිලධාරියෙකි.

මියගිය දෙදෙනා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඊයේ රාත්‍රී 10 .45 ට පමණ පතලයක් කැපීම සඳහා ඊරියමුල්ල කුඹුරට යන අතර වල් ඌරන් මැරීම සඳහා යොදා තිබූ අනවසර විදුලි රැහනකට හසු වී මෙම සිදුවීම සිදුව ඇතැයි පැල්මඩුල්ල පොලීසිය කියයි.

විදුලි රැහැනට හසුවී සිටි දෙදෙනා එදින රාත්‍රීයේ ම කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දෙදෙනා මිය ගොස් සිට ඇති බව වාර්තාවේ.

Related posts

ජනපති රටපුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Admin

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය දිගටම. අනෙකුත් පළාත් සඳහා පැය 6කට ඉවත් කෙරේ

colombotoday

මුස්ලිම් ජනතාව අයිති “ගැහුවොත් ගහන පරම්පරාවටයි” – නින්දවුර්වලින් මතුවෙන අලි අහමඩ් රශාඩි අන්තවාදියා

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කරයි

colombotoday

චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

colombotoday

පාර්ලිමේන්තුව අද රැස් වේ

Admin