Colombo Today Local News

අධිකරණ නියෝගය නොතකමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දිගටම වර්ජනයේ

සෞඛ්‍ය සේවය අඩාළ වන අයුරින් සහ රෝගී ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් සිදු කරනු ලබන වැඩවර්ජන අත්හිටුවන ලෙස කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් ඊයේ (10) දින රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එහි සභාපති සමන් රත්නප්‍රිය යන අය වෙත නිකුත් කළ වාරණ නියෝගය නොතකමින් අද(11) දිනයේ ද වර්ජනයේ නියෙලමින් සිටියි.

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය විසඳීමට සුදුසු පියවර නොගැනීම රටේ තවත් වෘත්තීය සමිතිවලට එවැනි පියවර සඳහා දිරිගැන්වීමක් වනු ඇති බවත්, එමගින් රටේ තත්ත්වය ඉතාමත් ව්‍යාකූලවීම නොවැළැක්විය හැකි වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලදි.

පසුගිය කාලයේ රාජ්‍ය අංශයේ සිදුවූ සියලුම වර්ජන සම්බන්ධයෙන් මහජනතාව බලා සිටියේ විමතියෙන් හා අප්‍රසන්න හැඟීමකිනි. රටේ දිළිඳු ජනතාව ඉතා අන්ත අසරණව සිටින මේ මොහොතේ අඛණ්ඩ වර්ජනයක යෙදීම අනුමත කළ නොහැකි ක්‍රියාවකි.

මෙම වර්ජනය නිසා රෝගීන්ට සිදුවන හානිය අවම කිරීම සෞඛ්‍ය වෘත්තිකයන්ට විශේෂ වගකීමක් තිබේ. කොවිඩ් වසංගතයට අමතරව රජයේ අදූරදර්ශී ක්‍රියාවන් රෝගීන්ට පමණක් නොව සියලු ජනතාවට අහිතකර ප්‍රතිඵල ගෙනදී තිබෙන නිසාය. රජය තවදුරටත් වෘත්තීය සමිති බලපෑමට යටත් වුවහොත් රට තවදුරටත් ව්‍යාකූල වීම නොවැළැක්විය හැකිය. මෙය වළක්වා ගැනීමට කළ යුතුව ඇත්තේ රාජ්‍ය අංශයේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ජාතික වැටුප කොමිසම හරහා රජයේ වැටුප් සම්බන්ධයෙන් සුදුසුකම් හා වෘත්තීය කුසලතා මත පදනම් වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

Related posts

යුද අපරාධ චෝදනා නිරුත්තර කරන ‘විරුවන්ගේ විත්ති වාචකය‘ ගෝඨාට !

colombotoday

අග්බෝ රජු තැනූ මුලතිව් කුරුඳුමලේ විහාරය පිළිසකර කිරීමට TNA එරෙහි වෙයි…

colombotoday

අලි මරා දමන්න දැමූ හක්කපටස් පුපුරා එක්දරුපියෙක් මරුට

colombotoday

සමීක්ෂණ වාර්තා අනුව ඊලග ජනාධිපති මමයි

Admin

වසර 35ක් විජේවීරගේ පවුලට රජය දරපු වියදම හෙළිකරනු

Admin

මුදල් ඇමැති රවීගේ අලු‍ත් නිවසට රුපියල් ලක්ෂ 1700 ක්!

colombotoday