Colombo Today Local News

අද සිට පාර්ලිමේන්තුව දින 04ක් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද සිට ලබන සිකුරාදා දක්වා රැස්වේ.

මේ අනුව අද(08) දිනයේ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග දෙකක් හා ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සිදුකෙරෙනු ඇති.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන දෙකක් අද ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව එම අරමුදලේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අගවිනිසුරුවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයකු පත් කිරීමට නියමිතව ඇත.

එමෙන්ම එම අරමුදලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ විෂයභාර අමාත්‍යවරයා වෙනුවට ඔහු පත් කරන නියෝජිතයෙකු එම සාමාජික ධුරය දැරීම සඳහා වන සංශෝධනයක් ද අද දින ඉදිරිපත් කරන සංශෝධන අතරට ඇතුළත් වේ.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

colombotoday

තවත් වොක්ස්වැගන් පන්නයේ බොරුවක් මාට්ටුයි… ඕමාන් රජයෙන් නිවේදනයක්…

colombotoday

ගෝඨා ‘එළිය’ අරන් රට වටේ යයි

colombotoday

ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් – සිදුවන භූ කම්පන දත්ත ලබා ගන්න උපකරණ පද්ධතියක් නෑ

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday