Colombo Today Local News

කොවිඩ් ආසාදිත උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන ලෙස රෝහල් සූදානම් කෙරේ

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කරමින් ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කොරෝනා ආසාදිත සිසුන් සඳහා විභාග මධ්‍යස්ථාන ලෙස රෝහල් සූදානම් කර ඇති අතර එම රෝහල් ලැයිස්තුව www.doenets.lk වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

මේ අතර නිරෝධායනයට ලක්ව සිටින විභාග අපේක්ෂකයින් තම විභාග ප්‍රවේශ පත්‍රයේ දක්වා ඇති නියමිත විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කර තමන් නිරෝධායනය වන්නෙකු බව අදාළ ශාලාධිපති වෙත දැන්වීම අනිවාර්ය වෙයි.

ඉන් අනතුරුව එම අපේක්ෂකයින්ට විභාග ශාලාව තුළ ස්ථාපිත කර ඇති විශේෂ විභාග කාමරයක් තුළ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසෙනු ඇති.

කොරෝනා ආසාදිත හෝ නිරෝධායනය වන විභාග අපේක්ෂකයින්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා අවධාරණය කරන්නේ, මෙම සියලු විභාග මධ්‍යස්ථානවල ද විභාග නීති රීති ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බවය.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සඳුදා ආරම්භ වේ.

Related posts

ජනපති ආරක්ෂක මණ්ඩලය රැස්කරයි.. අම්පාර, දිගන සිදුවීම් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

පෙට්‍රල් මිල රු.21කින් අඩු කෙරේ

Admin

රනිගේ ව්‍යවස්ථා යෝජනා පිළිගනු.. බැරිනම් පුනරුත්ථාපනය වෙනු – දඹර හිමියෝ අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ට ගෑස් පෙන්නයි…

colombotoday

ජනපති කතානායක අද (29) හමුවී කතා කල දේ

colombotoday

අද සිට දිනකට පැය දෙකක් විදුලිය කැපේ !

colombotoday

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday