Colombo Today Local News

74 වන අභිමාවත් නිදහස් දිනය අදයි..

74 වන අභිමානවත් නිදහස් දිනය අදට (04) යෙදී තිබේ.

මෙවර එහි තේමාව ”අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්” යන්නයි.

මෙවර ජාතික නිදහස් දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන පරිදි සැමරුම් උත්සවය සැලසුම් කර ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ ය.

භට පිරිස් 6,500 ක් මෙවර නිදහස් සැමරුම් පෙළපාලිය සඳහා සහභාගී වීමට නියමිතය.

යුද හමුදා නිලධාරීන් 3463 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 919 දෙනෙක්, ගුවන් හමුදා නිලධාරීන් 804 දෙනෙක්, පොලිස් නිලධාරීන් 336 දෙනෙක්, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 437 දෙනෙක් සහ ශිෂ්‍ය භටයින් 259 දෙනෙක් ඊට ඇතුළත් වේ.

සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව විශේෂ ජෛව බුබුලක් ලෙස පෙළපාලියට සහභාගී වන සියලු භට පිරිස් සිය පුහුණු වීම් සිදු කළ බව යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.

Related posts

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කලොත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

colombotoday

ගම්මන්පිල කළු කොඩි ඔසවයි

colombotoday

දරුවන් වෙනුවෙන් ආදිවාසි නායකයා ජනපතිගෙන් සහ අගමැතිගෙන් සිදුකල ඉල්ලීම

colombotoday

සිව්වන වසරේ විශ්වවිද්‍යාල විභාග 22වන දා

colombotoday

බොරැල්ල රථවාහන ඒකකයේ ස්ථානාධිපති මියයයි

colombotoday

එන පිළිවෙල අනුව පාස්පෝට්

Admin