Colombo Today Local News

පොලොන්නරුවේ වි මිලදී ගැනීම අරඹයි

රජයේ සහතික මිල යටතේ මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදීගැනීම සඳහා මධ්‍යස්ථාන 20ක් ආරම්භකර ඇතැයි වී අලෙවි මණ්ඩලය කියයි.

ඊයේ (01දින) සිට මෙම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භකර තිබේ.

ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රපියල් 92ක් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 94ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 97ක් වශයෙන් රජයේ සහතික මිලක් ගෙවන බව වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කලමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි.

මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගැනීමට රජය බලාපොරොත්තුවන බව ඒ මහතා කීය.

Related posts

සජිත්ට 65%ක ඡන්දයක් ගැනීම අමාරු වැඩක්… පාක්ෂිකයන්ට යුතුකම් ඉටු කිරීමට අපට බැරිවුණා – රවී

colombotoday

මහා පරිමාණ වංචා දූෂණ කර රට පැන්නූ මුදල් ආපහු ගේන හැටි දූෂණ විරෝධී පනතේ නෑ – ජී .එල් පීරිස්

Admin

පිටරටින් වැඩමවන බුදු පිළිම වහන්සේලා ගැන රජයෙන් නිවේදනයක්

colombotoday

මීගමුව නොසන්සුන්වීමට හේතුව බහින්බස්වීමක්… වැරදි තොරතුරු ප්‍රචාරය කළොත් දැඩි දඩුවම්

colombotoday

ජපන් වාහන මිල අඩු වන්නේ මෙහෙමයි

colombotoday

ශ්‍රී පුර වෙඩිතැබීමකින් 26 හැවරිදි පුද්ගලයෙක් මරුට

Admin