Colombo Today Local News

වැසි නැති දවසක්

ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට, දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැකි බව දැනුම් දී තිබේ.

මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

කෙසේවෙතත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

ජනපති කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ – ජොන්ස්ටන්

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද හුදකලා කර ඇති ප්‍රදේශ මෙන්න

colombotoday

දඹුල්ල පූජා නගරයට වෙන් කළ ඉඩම් කැබලි කර විකුණයි…

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභය සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14ක් ඉල්ලයි

colombotoday

අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් ලබාදීමට පරීක්ෂණ

colombotoday

(Video) දංකොටුවේ දැවී අළුවුණු වෑන් රියක මළ සිරුරු පහක් !

colombotoday