Colombo Today Local News

ඩෙංගු බෝවන තැන් සොයා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක්

හොරණ නගරය කේන්ද්‍ර කරගනිමින් අද (31) දිනයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් සිදුකර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාෆෝස්, රොෂාන් ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් සිදුකර ඇත.

ආණ්ඩුකාර මෙහෙයුම් මැදිරිය හා ගුවන් හමුදාව ඒකාබද්ධව එම මෙහෙයුම සිදුකර තිබේ.

එම මෙහෙයුම සඳහා හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, හොරණ පොලීසිය හා හොරණ නගර සභාව එක්ව ඇත.

මෙහිදී ඩ්‍රෝන කැමරාව මඟින් නගරයේ ගොඩනැගිලි ඇතුළු නොයෙක් ඉහළ ස්ථානවල තිබී වතුර රැඳෙන ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන රැසක් හඳුනා ගැනීමට හැකිව තිබේ.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය එම ස්ථාන හිමිකරුවන් ට අවවාද කිරීමට කටයුතු කර ඇත.

Related posts

බස්නාහිර පාසල් වල වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට විෂයන් කල් යයි

Admin

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස්ද?

Admin

වැලිසර ළය රෝහලෙන් කොවිඩ් රෝගියෙකු පලා යයි

colombotoday

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

Admin

තමිල්නාඩු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ශ්‍රී ලංකාවට දෙයි

colombotoday

කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි

Admin