ජාඇළ පොලිස් වසමේ කුඩහකපොළ ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය සංඥා පහන් දැල්වෙමින් තිබීයදී මාර්ගය හරහා ගමන්කළ ත්රිරෝද රථයක් කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනයවූ දුම්රියේ ගැටී ඇත.
ත්රිරෝද රථ රියදුරා සහ තවත් පුද්ගලයෙකු එහි ගමන් කර ඇති අතර, එක් පුද්ගලයකු මියගොස් ඇත.
අනෙක් පුද්ගලයා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි කැලැහල, දෙකටන ප්රදේශයේ පදිංචිකරුවෙකි.