Colombo Today Local News

මිල කළ නොහැකි ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් කොටු

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ඊයේ (28)දින කරදියනාරු පොලිස් වසමේ මුණවර, පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබේ.

එහිදී මිල කළ නොහැකි ගජමුතු සොයාගත් බව එම නිලධාරීන් පවසයි.

ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් ද එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වව්නතිව් කඳවුරේ නිලධාරීන් වැටලීම සිදුකර තිබේ.

සැකකරුවන් මහඔය, සමගිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ත් 52ත් අතර පුද්ගලයින්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ රක්ෂිත තුළ ජීවත් වන ඇතුන් ඝාතනය කර මෙම ගජමුතු ලබාගත් බවය.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන්ව මඩකලපුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

Related posts

හාලිඇල නාය යාමක්… අවදානම් කලාපයේ පවුල් 10ක් ඉවත් කරයි

Admin

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

colombotoday

මහින්ද අගමැති.. නාමල් විදේශ ඇමති.. ඒකාබද්ධ විපක්ෂ ෂැඩෝ කැබිනට්ටුවේ ඇමතිවරු මෙන්න

colombotoday

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

Admin

ජමියතුල් උලමා අගමැති හමුවෙයි…

colombotoday

ඡන්දය තියන්න විකල්ප ක‍්‍රම තිබියදීත් විපක්‍ෂය නාහෙන් අඬනවා – අගමැති කියයි

colombotoday