Colombo Today Local News

“මට කුඩුවෙන්න ගැහුවා” හිටපු ජනපති අත්සන් කළ ගැසට් 65ක් ගැන අනාවරණයක්

තමා ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේ දී අත්සන් කළ ඇතැම් ගැසට් නිවේදන තවමත් ක්‍රියාත්මක වී නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් තමන් එම ගැසට් නිවේදන අත්සන් කළ බවද ඔහු සදහන් කරයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව යටතේ පස් සහ වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම පිළිබඳ තමන් පුදුමයට පත්වු බවය.

“මම ජනාධිපති ධූරය දරන කාලයේ පරිසරය ආරක්ෂාවට එක් දිනකදී ගැසට් නිවේදන 65ක් අත්සන් කළා. ඉන් මාස 3කට පමණ පසුව ජනාධිපති ධුරයෙන් මම සමුගත්තා.”

“ඒ අත්සන් කරපු ගැසට් නිවේදනවලින් ඇතැම් ගැසට් නිවේදන තවමත් ක්‍රියාත්මක වී නැහැ. ගෙවල්වල තිබෙන විදුලි කියත් ලියාපදිංචි කරන්න නිවේදනයක් නිකුත් කළේ මම. සමහරු මට හිනා වුණා. සමාජ වෙබ් අඩවිවලින් මට කුඩුවෙන්න ගැහුවා. මට පිස්සු කියලා. මගේ ශරීරයේ කෑලි ගැලෙව්වේ නැති ටික විතරයි සමාජ මාධ්‍ය.”

“වඩුමඩු නව බලපත්‍ර නවත්වන්න නියෝග කළා. සියල්ල කළේ පරිසරය අරක්ෂා කරගන්න. ජාවාරම් කරුවන් පරිසරය විනාශ කරනවා. දේශපාලකයින්ද සම්බන්ධයි.”

“පසුගිය කාලයේදී පස් සහ වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම ගැන මම හරි පුදුමයට පත්වුණා ඇයි මේ වගේ තීරණයක් ගත්තේ කියලා.”

Related posts

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday

රනිල් අපිටත් ප්‍රශ්නයක්… ගම්වල මිනිස්සු අහන ප්‍රශ්නවලට අපට උත්තර නෑ – රන්ජන්

colombotoday

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

විග්නේෂ්වරන්ගේ රැස්වීමෙන් කොටි මූණ මතුවෙයි… කොටි ලාංඡනය සහිත ආරාධනා පත්‍රිකා බෙදයි…

colombotoday

“ජනතාවට කන්න තිබූ හාල් ටිකත් බියර් සමාගමට විකුණලා.. යහපාලනය කියා කරන්නේ ජාතික අපරාධ” හෙළ උරුමය

colombotoday

බස්නැවතුමට කඩා වැදි වෑන්රථයක් කතුන් තිදෙනෙකුට මරු කැදවයි

Admin