Colombo Today Local News

තවත් දුර්ලභ අලි නිවුන් උපතක්

කෙන්යාවේ ජාතික රක්ෂිතයක දුර්ලභ නිවුන් අලි උපතක් සිදුව තිබේ.

බෝරා නැමැති කෙනර මෙම පැටවුන් බිහිකර ඇති අතර සෆාරි මගපෙන්වන්නෙකු විසින් ප්‍රථම වරට ඔවුන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තායි.

මේ වන විට ඔවුන් සේව් ද එලිෆන්ට් නම් අලීන් සුරක්ෂිත කරන ආයතනයේ සිටි.

අලි නිවුන් උපත් සිදුවීම ඉතා දුර්ලභ වන අතර 2016 වසරෙන් පසු පළමු වතාවට එය සිදු වූ බවයි එම ආයතනය පවසන්නේ.

පැටවුන් දෙදෙනෙකුට කිරි ලබාදීමට තරම් ප්‍රමාණවත් කිරි ඔවුන්ගේ මව සතුව නොමැති වීමෙන් මෙම ආයතනය විසින් ඔවුන්ව පෝෂණය කරන බව සේව් ද එලිෆන්ට් ආයතනයේ නිර්මාතෘවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය අගොස්තු 31 වැනිදා මෙරට පින්නවල අලි අනාතාගාරයේ ගෘහස්තව ඉපදුණු පළමු අලි නිවුන් උපත සිදුවිය.

Related posts

මංගල ලැයිස්තුවෙන් ඉවත් වීම රනිල්ගේ උපායක් ඉදිරියේ දී තවත් මෙහෙයුම්

colombotoday

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

“කැබිනට් රැස්වීම් නොපැවැත්වීම නීතියට පටහැනියි”

colombotoday

ගෝඨා අත්අඩංගුවට? ඇවන්ගාඩ් සේනාධිපති රජයේ සාක්කිකරු?

colombotoday

හිටපු ජනපති නුදුරු දිනකදී ලංකාවට

colombotoday

“තව කාලෙකින් ජාතික ගීය අරාබියෙන් ගයන්නත් ඉල්ලයි“ ජාතික ගීය දෙමළ බසින් ගැයීම ගැන මහින්දගේ අදහස මෙන්න

colombotoday