Colombo Today Local News

රු.5000කට බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් පොලිස් දැලේ

රුපියල් 5000ක මුදලකට බෝම්බයක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු කැස්බෑව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “මොරටුමුල්ලෙ ඔස්කා” නමැති අයෙකු බවය.

මොරටුමුල්ලේ ප්‍රදේශයේ අයෙකු බෝම්බයක් අලෙවි කිරීමට ගැණුම්කරුවෙකු සොයමින් සිටින බවට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එහිදී පොලිසිය උපාය දූතයෙකු යොදවා බෝම්බය මිලදී ගන්නා බව පවසා සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ තම මිතුරෙකු සතුව තිබූ බෝම්බයක් ඔහුගෙන් සොරකම් කර මෙලෙස විකිණීමට උත්සහ කළ බවය.

සැකකරු මත්කුඩු පානය කිරීම සඳහා ඇබ්බැහි වී සිටින අයෙකු බවත් ඔහු අපරාධ ගණනාවක් සඳහා නඩු රැසක් ඇති පුද්ගලයෙකු බවත් පොලිසිය පවසයි.

සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කැස්බෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

චාමර ඇතුලට

Admin

වසර 6000ක් පැරණි ආදී මානවීය සිතියමක් බලංගොඩින් හමුවෙයි

colombotoday

ඉදිරි මහ කන්නයට පොහොර සහ බීජ ලබාදීමට සූදානම් -ජනපති

colombotoday

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

colombotoday

පළතුරු කඩේ පොහොය දා අරක්කු විකුණයි.. මහරගම අපේක්ෂකයාගේ මව පොලිසියට මාට්ටු

colombotoday

හඳුනාගැනීමේ පෙරෙට්ටුව ගැන සාකච්ඡා කිරීමට හිජාස් හිස්බුල්ලාගේ නීතිඥයන් අයුතු උත්සාහයක් දරලා

colombotoday