World

අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක

අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ බංග්ලාදේශයෙන්.

මෙලෙස මියගොස් ඇත්තේ Raima Islam Shimu නම් 45 හැවිරිදි වියේ පසුවූ සුරූපී නිළියකි.

පසුගිය ඉරිදා දින බංගලාදේශය කැලඹුණු මෙම සුරූපී නිළියගේ අතුරුදන් වීමේ පුවත මුල්වරට වාර්තා විය.

එහිදී ඇයගේ සැමියා විසින් තම බිරිඳ අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

පසුව පොලිසිය Raima සොයා විමර්ශන ආරම්භ කළ අතර එහිදී ඇයගේ සිරුර ඩකා හි Keraniganj පාලම ආසන්නයේ තිබී සොයාගෙන ඇත.

එරට ආරක්ෂක අංශ සැකපළකරන්නේ මෙම ඝාතනය ඉරිදා දින සිදුකර පසුව එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවටය.

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් Raimaගේ සැමියා සහ ඔහුගේ රියදුරු පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

එරට අතිෂය ජනප්‍රිය නිළියක් වන ඇය මේ වනවිට චිත්‍රපට 25කට පමණ රංගනයෙන් දායක වී තිබේ.

https://www.youtube.com/watch?v=7CuJ_AGOtos

Related posts

සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

colombotoday

රතු මුහුදේදී අමෙරිකානු නෞකාවකට හූති කැරළිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි

colombotoday

මුස්ලිම් විරෝධී විරෝධතා යුරෝපය ගිනියම් කරයි – Photos

colombotoday

සෞඛ්‍ය රෙගුලාසි නොතකා ජනතාව ඒකරාශී කල බ්‍රසීල ජනපතිට දඩ

colombotoday

ලන්ඩන් ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ රතු කට්ට පනී !

colombotoday