Colombo Today Local News

කොළඹ වරාය නගරයට ගිය ජනකාය කොවිඩ් පොකුරක් ඇති කිරීමේ අවදානමක්

පසුගිය දින කිහිපය තුල කොළඹ වරාය නගරයේ මරීනා මහජන මංතීරුවට පැමිණි අති විශාල ජනකාය බරපතල සෞඛ්‍ය ගැටලූවක් ඇති කිරීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවයි.

පසුගිය දින කිහිපයේ යෙදී තිබුණු දීර්ඝ සතිඅන්ත නිවාඩුව හේතුවෙන් මෙම මහජන මං තීරුවට පැමිණ සිටි දේශීය සංචාරකයින් කිසිදු සෞඛ්‍යය පිළිවෙතක් අනුගමනය නොකිරීම මෙම අනතුරුදායක තත්ත්වය ඇතිවීමට හේතුව බවයි ඔවුන් සඳහන් කරයි.

මේ වන විට මෙලෙස වරාය නගරයේ මහජන මං තීරුවට පැමිණි පිරිස පිළිබඳ නිල සංඛ්‍යා දත්ත වාර්තා එළි දැක් වී ඇති අතර එම වාර්තාවන්ට අනුව පසුගිය දින කිහිපය මුළුල්ලේ මෙම මං තීරුවට පුද්ගලයින් 89540 පැමිණ තිබේ.

මෙලෙස අඛණ්ඩව වරාය නගර මහජන මංතීරුවට දේශීය සංචාරකයින් පැමිණීම හේතුවෙන් අවස්ථා ගණනාවකදී එම මං තීරුවට ඇතුළු වන ගේට්ටු පවා වසා දැමීමට පොලිසියට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙලෙස පැමිණි බොහෝ දෙනෙකු කෝවිඩ් 19 සෞඛ්‍යය මාර්ගෝපදේශ නොසලකා හරිමින් මුහුණු ආවරණ පවා නොමැතිව එම මහා ජනකාය සමග ගැවසෙන අයුරු දැක්වෙන ඡායාරූප බොහොමයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

Related posts

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සාමාජිකයන් දෙදෙනෙකු කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

colombotoday

2017 වසරේදී පමණක් රුපියල 1.2% බාල්දු වෙලා

colombotoday

සජිත්ට කොන්දේසි දාන්න ගිය වසන්ත සේනානායක එජාපයෙන් නෙරපයි…

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යයි

colombotoday

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධි චෝදනා.

colombotoday

අපේ හාමුදුරුවෝ බන කියනවා, හිත පිනවනවා – එත් බඩ පිරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ – බෝගස්වැවින් ඇසෙන අදෝනාව

colombotoday