Colombo Today Local News

“පෞද්ගලික විශ්වවිද්‍යාල තවත් ඇතිකළ යුතුයි” – උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති

laxman kiriellaමෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසයි.

කොළඹ අද පැවති වැඩමුළුවක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රැකියා වෙළඳපොලට සරිලන උපාධිධාරීන් බිහිකිරීම විශ්වවිද්‍යාලවල වගකීමක් බවයි. .

‘‘රජය මගින් දැන් නිර්මාණය කර ඇති වාතාවරණය තුළ ආර්ථිකයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි. මෙහිදී පෞද්ගලික අංශයටද වැදගත් භූමිකාවක් පැවරෙනවා. එය ව්‍යාපාර සම්බන්ධයෙන් පමණක් නොවෙයි. උසස් අධ්‍යාපනය සඳහාද පෞද්ගලික අංශය ඉදිරිපත් විය යුතුයි. මන්ද විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන සියයට 80 කටම ඒ සඳහා අවස්ථාව හිමි නොවීම ඊට හේතුවයි. හොඳම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල සහ දෙවන පෙළ ශිෂ්‍යයන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලය යන මතය නිවැරදි ලෙස දකින්නේ නැහැ. එමෙන්ම රැකියා වෙළඳපොලට සරිලන උපාධිධාරීන් බිහි කිරීම අප ඔවුන්ගෙන් බලාපොරොත්තුවන එකම කරුණයි. ’යනුවෙන් ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

Related posts

රණවිරුවන් 24ක් මරා පුළුස්සලා.. නිදහස් ඉල්ලන කොටි සිකරුවන් 3දෙනෙකුගේ කෙරුවාව හෙළිවෙයි

colombotoday

ඝාතනයකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් ආයුධ සමග අල්ලයි

Admin

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

colombotoday

රවී කරුණානායක පරාජය වෙයි. එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජයවර්ධනට

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

colombotoday

ප්‍රභාකරන් මළ දා ජාත්‍යන්තර ශෝක දිනයක් කිරීමට යෝජනා වෙයි

colombotoday