Colombo Today Local News

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

2022 ජනවාරි 11 වන දින නිකුත් කරන ලද අන්තර්ජාතික ‘හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස්’ (Henley & Partners) විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගතකිරීමට අනුව ඊට ඇතුළත් කර ඇති මුළු විදේශ ගමන් බලපත්‍ර 111 අතුරින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 102 වන ස්ථානයට ශ්‍රේණිගත කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයට අනුව ශ්‍රී ලංකාව, ලෙබනනය සහ සුඩානය යන රටවල විදේශ ගමන් බලපත්‍රවලට එකම මට්ටමේ ලකුණු ලැබී ඇත.

‘හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස්’ සඳහන් කරන්නේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ඇති පුද්ගලයන්ට ලොව රටවල් 41කට වීසා රහිතව ඇතුළුවීමට අවසර ඇති බවයි. මෙම රටවල් 41න් රටවල් 22ක් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පැමිණීමේදී වීසා සේවා(On Arrival) සපයයි. ‘හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස්’ දර්ශකය අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සුවිශේෂී දත්ත මත පදනම් වේ. වසර 17ක් පුරා දිවෙන දත්ත සහ අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන අධිකාරියේ (IATA) දත්ත මත පදනම් වූ එකම විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ‘හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස්’ය.

Related posts

ගිනිගත් නැවෙන්ගොඩ ගැසූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් වෙරළෙන් ඉවත් කරයි

colombotoday

රටට අනාගතයක් හදන්න, “දැයම එක රොදකට සිව් හෙළේ මහා සමුළුව” ජූලි 7 මහනුවරදී

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ තීරණයක්

colombotoday

පොලිස් ප්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ අනිත් ඇසත් අන්ධ වේ.. ආබාධිත බිරිද මාධ්‍ය හමුවේ හඩා වැටෙයි

colombotoday

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

colombotoday

අම්පාරේ නිවසකින් මරාගෙන මැරෙන ඇඳුම් කොටස් සොයාගනී

colombotoday