Colombo Today Local News

සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුම යටතේ ඉන්දියන් ජාතික සිරකරුවන් දෙදෙනෙකු ඉන්දියවට භාර දෙයි.

සාක් කලාපිය සිරකරුවන් මාරු කිරිමේ පදනම යටතේ ඉන්දියන් ජාතික සිරකරුවන් දෙදෙනෙකු ඉන්දියන් රජයට භාර දිමට අධිකරණ අමාත්‍යංශ අතිරේක ලේකම් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමා වෙත දන්වා තිබේ.

මෙම සිරකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු විෂ වර්ග අභිං සහ ඹෟෂධ සංශෝධිත පනත යටතේ සන්තකයේ තබා ගැනි , ජාවාරම් කිරිම හා ආනයනය යන චෝදනාවලට වරදකරු වී මිගමුව මහාධිකරණය මගින් එක් එක් චෝදනායට ජිවිතාන්ත සිර දඩුවම් 03 ක් ලබා ඇත. ඒ අනුව මෙම සිරකරු වසර 12 කට ආසන්න කාලයක් බන්ධනාගාරයේ දඩුවම් විදිමින් සිටි අයෙකි.

දෙවෙනි සිරකරු අන්තරාදායක ඹෘෂධ ආඥා පනතේ චෝදනා ගණණාවකට වරදකරු වි එක් එක් චෝදනාවන්ට ජිවිතාන්ත සිර දඩුවම් 03 ක් ලබා දි සිර දඩුවම් විදිමින් දැනට වසර 06 කට ආසන්න කාලයක් බන්ධනාගාර ගත වි සිටි අයෙක් වේ.

ඒ අනුව ඒකි සිරකරුවන් දෙදෙනා හෙට 12 වන දින හා 13 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත බන්ධනාගාර නිලධාරින්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රැගෙන ගොස් ඉන්දියන් පොලිස් නිලධාරින් වෙත භාර දිමට කටයුතු සුදානම් කර ඇත.

Related posts

මිරිස්කුඩු ගසා ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 45ක් කොල්ල කාලා

Admin

රට තුළ ඔමික්‍රෝන් කොවිඩ් වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් – PHI සංගමයෙන් අනතුරු ඇඟවයි

colombotoday

මානව හිමිකම් සැසිවාරය අතරතුර ජිනීවාහී වීදි සැරිසරන ප්‍රභාකරන්ගේ රුව (Photo)

colombotoday

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

colombotoday

වාහන ලියාපදිංචිය 50% කින් පහත වැටේ

colombotoday

ඇඳිරි නීති කාලය තුල පොලිස් මාර්ග බාධක 900ක්

colombotoday