Colombo Today Local News

“ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න”

ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කර ඇත්තේ, විදුලි කප්පාදුවක් පිළිබඳව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

ගල් අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත ව ඇති බව නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත.

රටේ ඇති ගල් අඟුරු සංචිත විදුලි අර්බූදයකට ඉඩ නොදී කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් බව එහිදී පෙන්වා දී ඇති නිලධාරීන් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදන කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බව ද එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

අමාත්‍ය වන ගාමිණී ලොකුගේ, අමාත්‍ය උදය ගම්මන්පිල, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවකට එක්ව සිට ඇත.

Related posts

ලංවිම හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු අද යළිත් කෝප් කමිටුවට කැඳවයි

colombotoday

අයියනාර් පුරම් සහ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ජනතා අයිතියට

colombotoday

ඒකාබද්ධයේ ජනාධිපති අපෙක්ෂකත්වයට චමල් රාජපක්ෂ යෝජනා කරේ

colombotoday

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin

“මාව මරන්න ආපු කොටි ත්‍රස්තවාදීයාටත් සමාව දී නිදහස් කරන්න” – ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

අනතුරට පත්වූවන් බේරාගන්න ගිය හෙලිකොප්ටරය අනතුරේ

colombotoday