World

ඉන්ධන සහනාධාරය ඉවත්කල කසක්ස්තානයේ ගැටුම් – 164ක් මරුට

ඉන්ධන සහනාධාරය ඉවත්කිරීම හේතුවෙන් කසක්ස්තානයේ ආරම්භ වූ උද්ඝෝෂණ හේතුවෙන් මේ දක්වා විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ, මේ දක්වා 164 දෙනෙක් මරණයට පත්වී ඇති බවය.

මේ දක්වා උද්ඝෝෂකයින් සහ රජයේ ආරක්ෂක හමුදා අතර ඇතිවූ ගැටුම් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති ගණන 6,000කට අධිකය.

ඒ අතර සැලකිය යුතු විදෙස් ජාතිකයින් පිරිසක් සිටින බවද වාර්තා විය.

පසුගිය ජනවාරි 02 වනදා ඇරඹි කලබලකාරී සිදුවීම් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දක්වා කෙටි කලකින් පැතිර ගිය අතර දශක තුනක් පමණ එරට පාලනය කළ හිටපු ජනාධිපති නුර්සුල්තාන් නසර්බයෙව් ද එම උද්ඝෝෂණ පිටුපස සිටිතැයි මත පළ විය.

රට තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කසක්ස්තාන බලධාරීන් විසින් රුසියාවේ සහාය ඉල්ලූ අතර රුසියානු භට කණ්ඩායම් කිහිපයක් ද මේ වනවිට එරටට යවා තිබේ.

Related posts

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

colombotoday

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

රුසියාවේ Facebook සමාජ ජාලය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් තහනම් කෙරේ..

colombotoday

ජර්මනියේ තවත් බෝම්බ පිපිරීමක්.. සිරියානු සංක්‍රමණිකයෙක් මරාගෙන මැරෙයි

colombotoday