Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සමාගම විසින් ගෘහස්ථ හා වාණිජ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සඳහා මේ වනවිට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ වනවිට LP ගෑස් සිලින්ඩර නිෂ්පාදන ධාරිතාවය ද කාර්යක්ෂම කොට ඇතැයි පවසන ලිට්‍රෝ සමාගම, පසුගිය දින දෙක තුළ සහ අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 220,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් එය කඩිනමින් පාරිභෝගිකයන්ට ලබාදීමට නියමිත බවත් සඳහන් කරයි.

ඉදිරි සෑම දිනකදී ම දෛනික LP ගෑස් අවශ්‍යතාවය සපුරාලීම උදෙසා ශ්‍රී ලාංකික වෙළෙඳපොළට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000 – 100,000ක උපරිමයක් දක්වා ලබාදීමට සමාගම සියලු විධිවාධන යොදා ඇති බවත් ලිට්‍රෝ සමාගම නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

ඒ අනුව දැනට වෙළෙඳපොළෙහි පවතින හිඟය කෙටි කාලයකින් පහව යන බව ද එම සමාගම පාරිභෝගිකයින්ට දන්වා සිටී.

Related posts

ශ්‍රී පාදයේ හෝටලය ඉදිකරන සමාගම කොලේ වහලා ගහන ගැහිල්ල

colombotoday

හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් නැහැ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

Admin

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට

colombotoday

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

සම්බුදු හිමිට අපහාස කෙරු තවුහිඩ් ජමාඩ් නීතිපති හමුවට

colombotoday

දෙසැම්බරයේ අයි.ඩී.එච්. රෝහලේදී කොරෝනා ආසාදිත මවුවරු දරුවන් 40ක් බිහිකරලා

colombotoday