නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 5.00 ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා වෙයි.
ඒ අනුව, එම අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට මේ වන විටත් දැනුම් දී ඇති බව සඳහන්ය.
පසුගිය වසරේ අවසාන අමාත්‍ය මණ්ඩල රැස්වීම නොතිබූ පසුබිමක අද දිනයේ දී කැබිනට් පත්‍රිකා රැසක් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.