Colombo Today Local News

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙවන වරටත් අද සිට වැසේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙවන වරටත් අද (03)සිට තාවකාලිකව වසා දැමීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ, රටේ උද්ගතව පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ බොරතෙල් මිලදී ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් ය.

කෙසේ වෙතත් සපුගස්කන්ද පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් සිංගප්පූරුවේ සැපයුම්කරුවෙකුගෙන් ණය පහසුකම් මත මෙට්‍රික් ටොන් 90,000ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පවසන්නේ, ලබන 23 හෝ 24 දෙදින තුළ එම බොරතෙල් තොගය මෙරටට ලැබීමට නියමිත බව ය.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 26 වැනිදා නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

Related posts

ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිත

colombotoday

අතුරුගිරියේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට – සියල්ල හෙළිවෙයි

Admin

කම්කරු සමාජ ආරක්ෂණ අරමුදලට අදාළ ලියවිල්ල සැකසීමට කමිටුවක්

colombotoday

වත්මන් ආණ්ඩුවට රට විරුවන්ට වඩා බෝරා මුස්ලිම්වරුන් වටින්නේ මුදල් නිසාද?

colombotoday

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගත යුතුයි…

colombotoday