World

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය රොකට් වෙඩි පහර එල්ලකරමින් අලුත් අවුරුද්ද සමරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

දිනකට පෙර ගාසා තීරයෙන් රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, ඊශ්‍රායල හමුදාව ඉරිදා අලුයම හමාස් ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර දියත් කළේය.

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි රූගත කරන ලද වීඩියෝවක දැවැන්ත පිපිරුම් තුනක් දැකගත හැකි අතර ප්‍රහාරක ජෙට් යානාවල ශබ්ද ඇසෙන්නට විය.

තුවාල ලැබූවන් පිළිබඳව ක්ෂණික තහවුරු කිරීමක් ලබා දී නොමැත.

ඊශ්‍රායල හමුදාවට අනුව, මෙම ප්‍රහාරවලින් බලාපොරොත්තු වූයේ රොකට් නිෂ්පාදන මධ්‍යස්ථානයක් සහ හමාස් හමුදා මුරපොළක් විනාශ කිරීමටයි.

සෙනසුරාදා ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර දෙකක් එල්ල කිරීමෙන් පසු ප්‍රතිප්‍රහාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

ගාසා තීරයේ සටන්කාමී කණ්ඩායම් බොහෝ විට මුහුද දෙසට මිසයිල අත්හදා බැලීම් කරන බැවින්, රොකට් ඊශ්‍රායලයට පහර දීමට බලාපොරොත්තු වූවාද නැද්ද යන්න අපැහැදිලි විය හැකිය.

සෙනසුරාදා රොකට් ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.

ගාසා තීරයේ ආරක්ෂක වැට අසලදී පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායල සිවිල් වැසියෙකුට වෙඩි තබා තුවාල සිදුකර තිබේ. පසුව, ඊශ්‍රායලය හමාස් ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් යුද ටැංකි ප්‍රහාරයකින් පිළිතුරු ලබා දුන්නේය.

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21 පනී

colombotoday

නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදකී…

Admin

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

colombotoday

පසුතැවීමක සේයාවක්වත් නෑ.. වැඩේ තිතටම කළ බව ක්‍රයිස්චර්ච් වෙඩික්කරු අධිකරණයේදී සංඤා කරයි…

colombotoday

ජනපති තනතුරෙන් අයින් වෙන දිනය පුටින් කියයි

colombotoday

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට

colombotoday