Colombo Today Local Newsfeatured

බොදු බල සේනා “දිවි සරණ” යටතේ ඉදිකළ නිවාස, ඥානසාර හිමිගේ සුරතින් ජනතාවට.

එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් මත හබරණ, ජයන්තිපුර, මැදිරිගිරිය ආදී ප්‍රදේශවල ජීවත් වූ හිසට වහලක් නැති අපේම මිනිසුන් වෙනුවෙන් ඉදිකළ නිවාස ඔවුන් වෙත නව වසර උදාවත් සමගම පරිත්‍යාග කිරීම සිදුකරණ ලදි.

“ශ්‍රී ලංකාව තුල අන්ත අසරණ දුගී දුප්පත් යැයි ජන කොටසක් නොමැත. ඇත්තේ දේශපාලනය විසින් බලය ලබා ගැනීම සඳහා ඇති කරණ ලද අර්බුදවලින් පීඩාවට පත් ජන කොටසක් පමණි. ලංකාවේ සතර දිසාවේම සශ්‍රික පොළවක් ඇත. උගත් බුද්ධිමත් ජන කොටසක්ද ජීවත් වනු ඇත. මෙම පිරිස දේශපාලනය විසින් නිසි පරිදි කළමනාකරණය නොකිරීම රට වැසියන් වන අප ලද අභාග්‍යයකි.

එවැනි නොයෙක් ප්‍රශ්නවලින් පීඩාවට පත් ජනයාට යම් මොහොතක අස්වැසිල්ලක් වීමට හැකිනම් ඔවුන් දිනෙක මේ රටේ ආර්ථිකයට දායකත්වය සපයන නිර්මාණශීලී, රට ගොඩනගන ව්‍යවසායකයන් බවට පත් කිරීමටද හැකියාව ඇත.

මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතා කීපයක් ඇත. එම අවශ්‍යතා සපුරාලනු වස් නොයෙක් වෙර වීර්ය්‍ය යොදනු ඇත. එය සපුරාගැනීමට නොහැකි වූ තැන දිවියට සමු දීමේ සෝචනීය ප්‍රවෘත්තීන්ද නන් දෙසින් ඇසෙනු ඇත.

කුසට අහාරයක් – ඇගට වස්ත්‍රයක්- හිසට වහලක්- ලෙඩට බෙහෙතක් යනු මිනිසාගේ මූලිකම අවශ්‍යතා කිහිපයයි.

යමෙකු මෙම අවශ්‍යතා අතුරින් ආහාර, බෙහෙත් , වස්ත්‍ර යනාදීය මොන යම් හෝ ආකාරයකින් සපුරාගෙන ජීවිකාව පවත්වාගෙන යනු ලබයි. එහෙත් හිසට වහලක් හෙවත් නිවාසයක් තනාගැනීම ජීවිත කාලය පුරාවටම සිතෙහි පැලපදියම් වී ඇති සිහිනයකි. ඇතමුන්ට එය යථාර්ථයක් කරගැනීමට නොහැකි සිහිනයක් පමනක් වනු ඇත. මියැදෙන මොහොත දක්වාම බිම් අගලක හිමිකාරීත්වයක් නොමැතිව බිත්ති හතරකින් වට වූ නිවසක සිහිනය හදවතේ හිරකරන් මියැදෙනු ඇත. එම අවශතාවය සපුරා ගැනීමට නොහැකි නිසාම තම දරැවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිව දෙමාපියන් සෝ සුසුම් හෙලමින් කාලය ගත කරනු ලබයි. එමගින් සිදු වන්නේ නොයෙක් කේෂ්ත්‍රයන්හි දක්ෂතා සහිත දරැවන් රටට අහිමි වීමක් පමණි.

එම නිසා යමෙකුට හැකිනම් ඔවුන්ට එම තත්වයෙන් අත් මිදීමට දිරියක් වන්නට එය පරම්පරා ගණනාවකගේ දියුණුවේ මග විවර කර දීමකි.”

එය ජාතික අවශ්‍යතාවයක් සේ සලකා එම කර්තව්‍යය ලැබෙන හැම ඉඩකදීම සම්පූර්ණ කිරීමට පූජ්‍ය ගලගොඩඅත්තේ නායක මාහිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ කල්‍යාණ මිත්‍ර සත්පුරැෂයන්ගේද උපකාර ඇතිව සිදු කරනු ලබයි. මෙය ද තවත් එවැනි සත්කාරයකි.

මෙම උතුම් කර්තව්‍ය උදෙසා උපකාර කල රණසිංහ මහත්මා, රැවන් ගුණවර්ධන මහත්මා, සුරාජ් මහත්මා ඇතුළු සියලු දෙනා පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමු.

මාධ්‍ය අංශය,
බොදු බල සේනා.

Related posts

“ජනපති සමග ජපන් ගියේ උලපනේ සුමංගල හිමියන් පමණයි” – ජනපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු

colombotoday

අර්ජුන දොට්ට වරාය මංගලට ?

colombotoday

මංගලගේ අභිරහස් ඉන්ධන මිල සූත්‍රය ජනපති නියමයෙන් ඉවතට ?

colombotoday

මෝදි ට අනියි කියා බියෙන් වතුකරයේ බඹර වද කඩා ඉවත් කෙරේ..

colombotoday

Video: එයාට මතක නෑ එයා පිංපොකැට් ජනාධිපති කියලා – මරික්කාර් ජනාධිපතිට පලු යන්න බනියි

colombotoday

මේ වගේ පොලිස්පති කෙනෙක් ගැන අපිට ලැජ්ජයි – ජනපතිගෙන් පොලිස්පතිට දොස් මුරයක්…

colombotoday