Colombo Today Local News

එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

අද (01) දිනයේ සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව තිබේ.

එහි වැඩි දුරටත් දැක්වෙන්නේ එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි.

එමෙන්ම ආපනශාලා, වෙළෙඳසැල්, ඖෂධ අලෙවිසැල්, සුපිරි වෙළෙඳසැල් සඳහා වරකට ඇතුලත් කර ගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව එහි ධාරිතාවයෙන් 50% ක් බවද නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

පෞද්ගලික සාද පැවැත්වීමේ දී උත්සව ශාලාවක නම් එහි ධාරිතාවයෙන් 50% ක ප්‍රමාණයකට ද, නිවසක නම් උපරිම පුද්ගලයින් 10 දෙනෙකුට ද අවසර හිමි වේ.

කෙසේ වෙතත් එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් බවයි නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ

Related posts

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

colombotoday

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

Admin

මනාප සටන උණුසුම් වෙයි.. එකම පක්ෂයේ අපේක්ෂකයින් අතරත් ගුටිකෙළි..

colombotoday

ඤාණසාර හිමියන් නිදහස් කරන තුරු භික්ෂූන්වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹති…

colombotoday

සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද

colombotoday