Colombo Today Local News

බැංකුවලට ලැබෙන ඩොලර් වලින් 25%ක් මහ බැංකුවට අලෙවි කළ යුතුයි

සියලු බලපත්‍රලාභී බැංකුවලට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝගයක් සිදුකර තිබේ.

සියලු බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන් වෙත ලැබෙන එක්සත් ජනපද ඩොලර්වලින් 25% ක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අලෙවි කළ යුතු බව එහි සඳහන් වේ.

එම අගය 10% ක් ලෙසින් මේ දක්වා පැවතියේය.

ඒ අනුව රුපියල්වලට පරිවර්තනය කරනු ලැබූ විවිධ වූ විනිමයන්ගෙන් ලද විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවලින්, අපනයන ආදායම්වලින්, මහජනතාව අත ඇති විදෙස් මුදල්වලින් බැංකු වෙත ලැබුණු ඩොලර්වලින් 25% ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අලෙවි කළ යුතු වන අතර එය සතිපතා කළ යුතු වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබා ගත හැකිය.

Related posts

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්න, ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday

වසවිස හොයන රතන හිමී.. අහෝ නොදුටී “නෙස්ටී“

colombotoday

හෝටල් කාමරයක කතක් ඝාතනය කළ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

Admin

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදක්වයි

Admin

“බහිරවයෙක් වෙලා හරි ජාතික උරුමය රකිනවා“ – ඇමති අකිල කියයි

colombotoday

පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා මැයි 30 තෙක් තහනම්

colombotoday