ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 11,47,770ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ.
අද (28) අලුයම 12.29ට එම එන්නත් දිවයිනට රැගෙනවිත් ඇත.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.
ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.