වැටලීම්වලදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගන්නා ගංජා, ආයුර්වේද සංස්ථාව වෙත භාරදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, මේ වසරේ ගංජා කිලෝග්‍රෑම් 4,500ක් එම දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර, ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වෙහෙරගල – මහඇළ ආශ්රිත ප්‍රදේශයේ පසුගියදා සිදුකළ වැටලීමකදී විශේෂ කාර්ය බලකාය භාරයට ගත් ගංජා කිලෝග්‍රෑම් 1,481ක් ද, ආයුර්වේද දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා.