Colombo Today Local News

තියුණු ආයුධයකින් ඇන කල තවත් පුද්ගල ඝාතනයක්

මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පසු එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සදහන් කරයි.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා දර කපා වෙළෙඳාම් කරන අතර, ඔවුන් ඊයේ (26) උදෑසන ඔවුන්ට අයත් කැබ් රථයකින් දර පැටවීම සඳහා ඕලුතුඩුවායි දෙස සිට කොනාර්පන්නෛයි ප්‍රදේශයට ගමන්කරමින් සිට ඇත.

එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන මරණකරු සැකකරුවන් පැමිණි කැබ් රථය නවත්වන ලෙස සංඥා කර තිබේ.

එම අවස්ථාවේ දී කැබ් රථය නතර කර ඇති අතර මරණකරු විසින් එම රථයේ දොර විවෘත කර රිය සහයක එළියට ඇද දමා ඔහුට පහරදී ඇත.

පොලීසිය පැවසුවේ අනතුරුව එම පුද්ගලයා පහරකෑමෙන් බේරීම සඳහා මාර්ගයේ ඉදිරියට දිව ගොස් ඇති අතර, මියගිය පුද්ගලයා විසින් ඔහු හඹාගොස් ගලකින් පහරදීමට උත්සහ දරා තිබේ.

ඉන් බේරීමට බිම දිගාවු පුද්ගලයාට මියගිය පුද්ගලයා විසින් පිහියෙන් ඇනීමට උත්සහ කළ අවස්ථාවේ දී පහරකෑමට ලක්වු පුද්ගලයා විසින් මරණකරුගේ පිහිය උඳුරාගෙන ඔහුට පිහියෙන් කිහිපවතාවක් ඇන ඝාතනය කර ඇතැයි මෙතෙක් සිදුකර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනය ට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන කැබ් රථයේ රිය සහයක සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

උදයංග වීරතුංග නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුධයක්…

colombotoday

එළඹෙන සිකුරාදා සිටි අවුරුදු 12න් ඉහළ දරුවන් එන්නත්කරණය අරඹෙයි

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමට සැකකරුවෙක් අත්අඩංගුවේ

Admin

චන්ද්‍රිකාගේ වත්තේ පොල් කැඩු තරුණයාට වෙඩි තබයි

Admin

ඩෙල්ටා බෝම්බය පුපුරලා අවසන්.. රනිල් යුද හමුදාව විවේචනය කරන්නේ එයට ඇති බිය නිසා

colombotoday

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

Admin