Colombo Today Local News

වසර අවසාන වීමට පෙර රටේ නිල සංචිත ප්‍රමාණය අ. ඩොලර් බිලියන 03කට වඩා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

දෙසැම්බර් අවසන් වීමට පෙර රටේ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 03කට වඩා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පෙන්වා දෙන්නේ, නුදුරේදී විදේශ විනිමය ලැබීම් ගණනාවක් අපේක්ෂා කෙරෙන බවය.

මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු මගින් ලබා ගැනීමට නියමිත අමෙරිකානු ඩොලර් බිලියන 02ක පමණ විදේශ විනිමය නුදුරේදීම ලැබෙනු ඇති බව මහ බැංකුව පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, රජය විසින් ද්විපාර්ශ්වික ණය පහසුකම් මෙන්ම බහුපාර්ශ්වික සංවිධාන තුළින් ණය ලබා ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී සිටින බවයි.

ඊට අමතරව බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡා කරන ලද විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සාර්ථක වනු ඇතැයි මහ බැංකුව විස්වාසය පළ කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වා දී ඇති දිරි දීමනා ක්‍රමය සහ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්තන කිරීමේ අවශ්‍යතා වැනි මහ බැංකුව විසින් කරන මැදිහත්වීම් තුළින් නිල සංචිත තවදුරටත් ගොඩ නගා ගැනීමට හැකියාව ඇති බවය.

විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මෑත කාලීන වර්ධනයත් සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනයත් සමග ඉදිරි කාලය තුළ විදේශීය අංශය වඩා යහපත් තත්ත්වයට පත් වනු ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සදහන් කර තිබේ.

Related posts

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Admin

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලන් චප්ප කරන එක හොද නෑ

colombotoday

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

colombotoday

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රීයේ සිට තහනම්

Admin