Colombo Today Local News

රට තුළ ඔමික්‍රෝන් කොවිඩ් වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් – PHI සංගමයෙන් අනතුරු ඇඟවයි

නිල වශයෙන් වාර්තා වී ඇති ඔමික්‍රෝන් ආසාදිතයින්ට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරව පිළිපැඳීම වැදගත් බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඉදිරි සති තුනෙන් පසු රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් ප්‍රමුඛම ආසාදිතයින් බවට පත්ව රට තුළ ඔමික්‍රෝන් කොවිඩ් වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කරයි.

“දැනට හඳුනාගත්ත ආසාදිතයින් සංඛ්‍යාව 7කට ආසන්නයි. නමුත් රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන් කියලා මේ ආසාදිතයින් හැසිරීම හා ඔවුන්ගේ නිරාවරණය වීම් සම්බන්ධව සලකා බැලීමේ දී ඉතාම පැහැදිලිව පේනවා. ඒ නිසා ඉදිරි සති තුනෙන් පස්සේ රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් ප්‍රමුඛම ආසාදිතයින් බවට පත්වෙලා රට තුළ ඔමික්‍රෝන් ප්‍රමුඛ කොවිඩ් -19 වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් තියෙනවා. මහජනතාවට අනතුරු අඟවනවා. රට තුළ මේ වාර්තා වන සංඛ්‍යාවට වඩා විශාල සංඛ්‍යාවක් රෝගීන් වාර්තා වෙනවා. මේ සංඛ්‍යා ලේඛන සම්පූර්ණ සාවද්‍ය සංඛ්‍යා ලේඛන බව තමා පේන්න තියෙන්නේ. ඒ වගේම මරණ සංඛ්‍යාව පිළිබඳවත් බරපතළ ගැටලු මේ වෙද්දි අපිට නිර්මාණය වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ වෙද්දි රට තුළ කොවිඩ් -19 වසංගතයක් තියෙනවා. ඒක ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම සහ ප්‍රමුඛතම ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදය වීමත් එක්ක ඉදිරියේ දී තවත් තිව්‍ර වෙලා අවාසනාවන්ත තැනකට තල්ලු වෙන්න පුළුවන් කියන අවදානම මතක තියාගෙන නත්තල් සමරන්න කියලා ජනතාවට අවධාරණයෙන් කියනවා.”

Related posts

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday

වැලිකඩ රිය අනතුර ගැන දුරකතන අංක 20 ක විශ්ලේෂණ වාර්තාවක් ඉල්ලයි

colombotoday

මාලිගාවත්ත පොලීසියට බෝම්බයකින් ගහන්න ගිය පාතාලයෙක් අත්අඩංගුවට

Admin

“උතුරේ සිදුවීම් පාලනයට රජය අසමත්.. ජාත්‍යන්තර මැදිහත්වීමක් වහා අවශ්‍යයි“ – විග්නේෂ්වරන්

colombotoday

මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් ඉහළට

colombotoday

මහින්දගේ ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව නඩු 4 ක් විභාගයට

colombotoday