Colombo Today Local News

“පොඩි ලැසී” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ සැකකරු අද (21)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මොහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැණෙන වරදක් සිදුකර ඇති බවට අනාවරණය වී නොමැති බවය.

එහෙත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම ගිනි අවි සංශෝධන පනත යටතේ ගැණෙන වැරදි සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

එමෙන්ම ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී භාවිතා කරන ලද ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී චමින්ද දිල්රුක් නොහොත් පරෙවි සුදා සහ විහඟ ප්‍රභාත් යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහය ලබාදී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සැකකරු ලබන 4 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උපදෙස් ලබා දී තිබේ.

Related posts

සහරාන් හෂීම්ට බෝට්ටුවක් අධාරයෙන් ඉන්දියාවට පළායාමට බදියුදින්ගේ සහෝදරයෙක් උදව් කරලා – හිටපු හමුදාපති

colombotoday

ජූනි 13 රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

colombotoday

ඔරුගල්යාය ලදු කැළෑ එළි කරේ වන අලි ගම්වදින හින්දයි – පරිසර ඇමති

colombotoday

“ඌරගෙ හොස්සේ රත්තරං බදින්න එපා. ගොන්ජා හොදයි ගොං ජෝක්ස් පොලිටික්ස් වලට.” රන්ජන්ට උචිත රැකියාව ගැනත් ඥානසාර හිමි කියයි

colombotoday

ලේ අවශ්‍යයි – ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්…

colombotoday

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday