Colombo Today Local News

වරායට ආ ගෑස් නෞකා තුනෙන්, දෙකක් ගොඩබෑමට අනුමැතිය

ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කර තිබූ ගෑස් නෞකා තුනෙන්, දෙකක ඇති ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව ගෑස් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත්කර සිටින, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසයි.

මෙම නෞකා දෙකෙහි ඇති ගෑස් නිසි ප්‍රමිතියෙන් යුත් බවත්, ඒවායෙහි ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය මෙන්ම ගන්ධය ඇතිකරන ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍යය ද නිසි පරිදි ඇතුළත් බව ද ලේකම්වරයා කියයි.

අනෙක් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය නියමිත පරිදි ඇතත්, ඊතයිල් මර්කැප්ටන් අවශ්‍ය ප්‍රමාණය නොතිබීම නිසා එය ගොඩබෑමට අවසර දිය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

ජයන්ත ද සිල්වා මහතා මේ බව පැවසුවේ “ගෑස් දමන ගෑස්” යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (20)දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දැනට ගොඩබෑමට අවසර නොදුන් නෞකාවේ ඇති ගෑස් නියමිත ප්‍රමිතියට ගෙන එන තුරු ගොඩබෑමට අවසර නොදෙන බවත්, නිසි ප්‍රමිතියට ගෙන ආ පසුත් ප්‍රොපේන්, බියුටේන් පරීක්‍ෂණයන් ද නැවත සිදුකර පරීක්‍ෂා කරන බවත් හෙතෙම සඳහන් කර සිටි.

මෙම නැව් තුනෙහිම ඇති ගෑස්වල ප්‍රොපේන් සංයුතිය සියයට 30 ඉක්මවා නැතැයි ද ලේකම්වරයා කීය.

ගෑස් වෙළඳපලට නිකුත් කිරීම නැවැත්විය නොහැකි බව කී ජයන්ත ද සිල්වා මහතා ජනතාවට සුරක්‍ෂිත ආකාරයෙන් ගෑස් ලබාදීම සිදුකළ යුතු බව ද ප්‍රකාශ කළේය.

Related posts

“යුද්ධයත් එක්ක රට සංවර්ධනය කල විදිහ මෙයාලට අදහගන්නත් බෑ.. දැන් කියන කතාවලට මට හිනා” – මහින්ද

colombotoday

බැසිල්ට එරෙහි ජී.අයි. බට නඩුව තවදුරටත් පවත්වා ගෙන යෑම පිළිබද සලකා බලන්නැයි, නීතිපතිවරයාගෙන් ඉල්ලීමක්

colombotoday

නැගනහිර හමුදා බුද්ධි අංශ ප්‍රධානි කර්නල් ශම්මිට ඇප ලැබේ – ඇප ගෙවන්න මුදල් නැතිව යලි ඇතුලට

colombotoday

බසයක් සහ බවුසරයක් ගැටෙයි

Admin

මැතිසබයේ කාන්තා හිංසන සොයන්න බාහිරින් විමර්ශනයක්

Admin

බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන්ට ජංගම දුරකථනය දුන් ජේලර් මාට්ටු.

colombotoday