Colombo Today Local News

වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමට අවසර

වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට රට තුළ පොල් පැළ හිඟයක් පවතින නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 05ක් බැගින් ලබා දී පොල් පැළ තවාන් ආරම්භ කිරීමටත්, වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමටත් අවසර ලබා දීමේ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

එම වගකීම වැවිලි අමාත්‍යාංශයට පමණක් බාර නොදී සෑම අමාත්‍යාංශයක්ම තමන්ට ලබා දී ඇති මුදල් උපයෝගී කරගෙන මෙම වැඩ පිළිවෙලට සහය දෙන ලෙස මුදල් අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇතැයි ද මහින්ද අමරවීර මහතා කියයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (16)දින පැවති ‘දේශගුණීක විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ’ ප්‍රධාන කමිටු රැස්වීම අමතමිනි.

Related posts

වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක්

Admin

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර මිනී වළක් මත ගිනි තියලා

colombotoday

පොලිස් ඇමතිට අපහාස කල දුමින්ද නාගමුව ට CIDයෙන් කැඳවීමක්

Admin

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

Admin

අද විදුලි කැපෙන හැටි

colombotoday