Colombo Today Local News

දළදා වන්දනාවට උණ්ඩයක් රැගෙන ගිය කතක් මාට්ටු

දළදා සමිඳුන් වන්දනා කිරීමට ගාල්ලේ සිට පැමිණි කාන්තාවකගෙ අත්බෑගයේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවිවලට යොදන උණ්ඩයක් හමුවූ බව පොලිසිය කියයි.

එම කාන්තාව දළදා මාලිගාව ප්‍රධාන වාහල්කඩින් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි සවිකොට ඇති ආරක්ෂක සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඇයගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී එම උණ්ඩය හමුව තිබේ.

එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිස් නිලධාරියකු වශයෙන් සේවය කරමින් සිට මීට වසර 05 කට පෙර මියගොස් ඇති බව කාන්තාව පොලිසියට පවසා තිබේ.

සැකකාර කාන්තාව ඊයේ (16)දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන 07ක් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

විපක්ෂ නායකධූරය රනිල්ට

colombotoday

සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක්

colombotoday

කොරෝනා අරමුදලට දළදා මාලිගයෙන්,අස්ගිරිය සහ මල්වත්තෙන් රුපියල් කෝටි දෙකක්

colombotoday

මහනුවර ගිනි නිවෙද්දී ආණ්ඩුවේ ගනි යළි ඇවිළේ.. අගමැතිට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලනිප ඇමතිලාගේ සහය ස්ථීර කරයි

colombotoday

“ලංකාවේ සිංහලයන්ට කලින් දමිළයන් සිටියා.. DNA වලින් ඒ බව තහවුරු වුනා..” විග්නේෂ්වරන් ඉන්දියාවේ දී කියයි

colombotoday