Colombo Today Local News

මෙරටදී සෑම පැය 24කටම ළමා අපචාර සිද්ධීන් 32ක්

මෙරට දිනකට ළමා අපචාර සිද්ධීන් 32 ක් පමණ සිදුවන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම ඊයේ (15)දින අනාවරණය කළේය.

ඒ අනුව සෑම පැයකදීම ළමා අපචාරයක් සිදුවන බව සඳහන් කළ ඇමැතිවරයා, මෙම වසරේදී පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපචාර සම්බන්ධව පැමිණිලි දසදහස් හත්සිය දහතුනක් (10,713) ලැබී ඇතැයිද සඳහන් කළේය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එලෙස ලැබී තිබූ පැමිණිලිවලින් වයස අවුරුදු 05ට අඩු ළමා අපචාර සිද්ධීන් 1632 ක්ද, අවුරුදු 6 ත්, 10 ත් අතර පැමිණිලි 2626 ක්ද වූ බව සඳහන් කළ ඇමැතිවරයා ලැබෙන පැමිණිලිවලට සාපේක්ෂව වාර්තා නොවන සිදුවීම් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා බවද පැවැසීය.

දරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15)දින පැවැති වැඩමුළුවක් අමතමින් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම එලෙස පැවැසීය. ජනමාධ්‍ය සහ දරුවන් අතර ඇතිවිය යුතු සබඳතාව ගුරු – ශිෂ්‍යය බැඳීම හා සමාන විය යුතු වුවද, වර්තමානය වන විට එය බිල්ලා සහ ළමයා අතර පවතින සම්බන්ධය වැනි තත්ත්වයකට පත්ව ඇතැයිද ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ සහ විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

ජනපති ධූරයට ඩලස්ව සජිත්, රනිල්ව දිනේෂ්, ජවිපෙන් අනුර යෝජනා කරයි.

colombotoday

ආණ්ඩුවට යමු කියා පසුපෙලින් දැඩි බලපෑම්.. කරන්නේ කුමක්දැයි හකීම්-බදියුදීන් එක්ව සාකච්චා..

colombotoday

“උතුරේ කදවුරුත් පුපුරන්න ඉඩ තියනවා.. ඊට කලින් ඉවත් කරමු” – TNA ජනපති, අගමැතිට කියයි

colombotoday

වීසා ඔන් ඇරයිවල් පහසුකම අත්හිටුවෙයි

colombotoday

ආගමික වැඩසටහනකට ඤාණසාර හිමි කොරියාවට වැඩම කරයි

colombotoday

සුළි කුණාටුවේ අවදානමෙන් නැගෙනහිර පාසල් දින 3ක් වසා දැමීමට තීරණයක්

colombotoday