Colombo Today Local News

තවත් ගෑස් නැවක් කොළඹ වරායට.. ප්‍රමිතිය පරීක්ෂා කිරීම ඇරඹෙයි

ගෑස් මෙට්‍රික් ටොන් දෙදහසකට අධික තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී ඇති බව, පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම නෞකාවේ ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගත් බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කරයි.

එම සාම්පල පරීක්ෂා කිරීම සඳහා ආයතන දෙකකට යොමු කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කරයි.

මේ අතර, මෙරටට ළඟා වූ ගෑස් නෞකාවක, මර්කැප්ටන් රසායනිකය නිසි ප්‍රමිතියට අන්තර්ගත නොවීම හේතුවෙන්, එම ගෑස් තොගය වෙළඳපොළට මුදා හැරීම අත්හිටුවීමට පාරිභෝගික කටුයතු අධිකාරිය ඊයේ පියවර ගත්තේ ය.

පවතින තත්ත්වයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් පවතින බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරන්නේ.

Related posts

මහින්දගේ රත්තරං හොයන්න ලියනගේගේ පිහිනුම් තටාකය හෙට හාරයි

colombotoday

දින තුනක් වයසැති බිළිදියක රෝහල පිටුපස දාමා ගිහින්

Admin

සීනි බද්ද අඩු කිරීමෙන් රජයට පාඩුවක් වී නැහැ – මුදල් අමාතයංශ ලේකම්

colombotoday

ජනවාරියේ පාර්ලිමේන්තුව හෙල්ලෙන හෙළිදරව්වක්

Admin

හෝටල් කාමරයක හොරොයින් පැකට් කළ කොස්තාපල් මාට්ටු

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එන දිනය ගැන රනිල් කියයි…

colombotoday