Colombo Today Local News

අවුරුදු 12ට අඩු සංචාරකයින්ට PCR අවශ්‍ය නැහැ

විදේශගතව සිට මෙරටට පැමිණෙන වයස අවුරුදු 12ට අඩු ළමුන් වෙනුවෙන් PCR පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නැතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහෙත් වයස අවුරුදු 12 සහ ඊට වැඩි අය මෙරටට පැමිණීමට පැය 72කට පෙර ලබාගත්, කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වූ PCR පරීක්ෂණ වාර්තාවක් ගුවන් තොටුපොළේදී ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර මෙරටට පැමිණෙන යම් පුද්ගලයෙකු පසුගිය මාස 3 ඇතුළත කොවිඩ් ආසාදිතයකු වී ඇත්නම් ඔවුන්ට ආසාදිත නොවන බවට තහවුරු කිරීම සඳහා පැය 48ක් ඇතුළත සිදුකළ රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලබා ගන්නා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවන් හා PCR වාර්තාවන් ඉංග්‍රීසි භාෂාවෙන් තිබිය යුතු බවය.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ද නිවේදනයක් නිකුත් කර තිබේ.

Related posts

‘ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි’ ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව නවත්වයි

colombotoday

අගමැතිගෙන් බදුල්ල ගැන අනාවැකියක්

colombotoday

බෲනෝ දිවාකරට ඇප

Admin

“මුදල් ඇමතිගේ ප්‍රකාශ බොරු.. අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් වැට් බදු ගෙවන්න වෙලා” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

“විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්“ – ජාතික භික්ෂු පෙරමුණ

colombotoday

සිංහලයන්ට පමණක් රටේ නායකත්වය දෙනු බෑ.. දෙමළ, මුස්ලිම් අයටත් උප ජනාධිපති තනතුරක් ඕන..

colombotoday