Colombo Today Local News

” අඛණ්ඩව බොර තෙල් ආනයනය කිරීමට කටයුතු කරනවා “

අඛණ්ඩව බොර තෙල් ආනයනය කිරීමට කටයුතු කරන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, දින 26ක් සඳහා අවශ්‍ය බොර තෙල් මේ බව විටත් ගබඩා කර ඇති බවය.

තාවකාලිකව වසාදමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“මේ වන විට ඩොලර් මිලියන 59ක් අපි වැයකරලා බොර තෙල් බැරල් ලක්ෂ 7ක් ගෙනවා. අපි අඩු ධාරිතාවකින් මේ දිනවල කටයුතු කරන නිසා දින 26කට ප්‍රමාණවත් බොර තෙල් මේ අවස්ථාවේදී අපි ගෙනැවිත් තියෙනවා. අපේ ටැංකිවල තියෙනවා. ඒ වගේම වැස්ස අවසන් වුණ නිසා විදුලිබල මණ්ඩලයට දැවි තෙල් අවශ්‍යතාවය ඇති වෙන්න පුළුවන්. දැනටත් අපි ගාව දැවි තෙල් ටොන් 65,000ක් තියෙනවා නමුත් ඉදිරියේදී අවශ්‍යවන ප්‍රමාණයත් අපේ අවධානයට යොමු වුණා. මෙතැන් සිට අඛණ්ඩව බොර තෙල් සැපයීම සහතිකරන්න අපි අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා. අපිට සැපයුම්කරුවන් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ට ගෙවීම් කිරීමට ඩොලර් නැති නිසා මේ විසඳුම් විදිහට රුපියල්වලින් ගෙවීම් ලබාගැනීමට කැමති සැපයුම්කරුවන් සොයමින් ඉන්නවා එක පැත්තකින් ඔවුන්ට ලංකාවේ රුපියල් ආයෝජනය කරන්න. දෙවනුව දීර්ය කාලින කොන්ත්‍රාත් ක්‍රමයට බොර තෙල් සපයාගැනීමට මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නනවා. අපේ බලාපොරොත්තුව අඛණ්ඩව තෙල් පිරිපහදුව පවත්වාගෙන යන්නට.”

Related posts

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞ. බස් ධාවනයෙන් ඉවත්වීමේ තීරණයක්

colombotoday

18 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

colombotoday

ලෝක පරිසර දිනය අදයි

colombotoday

ජනතාව දැනුවත් කරන්න විතරක් කෝටි 8ක වියදමක්

colombotoday

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද සිට

colombotoday