Colombo Today Local News

ප්‍රධාන ජාතික පාසල් සදහා නව විදුහල්පතිවරු පත් කෙරේ

කොළඹ රාජකීය ඇතුළු ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයකම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව විදුහල්පතිවරුන් පත්කරනු ලැබ ඇත.

ඒ අනුව තර්ස්‌ටන් විදුහලේ විදුහල්පතිවරයාව සිටි බී. ඒ. අබේරත්න මහතා රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ලෙස පත්කර තිබේ. තර්ස්‌ටන් විදුහලේ හිස්‌ වූ විදුහල්පති ධුරය සඳහා රිච්මන්ඩ් විදුහලේ විදුහල්පති ඊ. එම්. එස්‌. ඒකනායක මහතා පත්කරනු ලැබ ඇති අතර රිච්මන්ඩ් විදුහල සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයාව සිටි සම්පත් වේරගොඩ මහතා පත්කර ඇත. වේරගොඩ මහතා මොරටුව වේල්ස්‌ කුමාර විදුහලේ විදුහල්පතිවරයා ලෙස ද කටයුතු කළේය.

එමෙන්ම මහනුවර කිංස්‌වුඩ් විදුහලේ නව විදුහල්පතිවරයා ලෙස ආර්. ඩී. බී. වීරතුංග මහතා පත්කරනු ලැබ තිබේ. වීරතුංග මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරමින් සිටියේය.

මේ අතර දැනට පවතින තත්ත්වය අනුව තමන්ට ද වෙනත් තනතුරු ලබා දෙන්නැයි කොළඹ හා මහනුවර ප්‍රධාන ජාතික පාසල් දෙකක විදුහල්පතිවරුන් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි එම පාසල් ආදි ශිෂ්‍ය සංගම් ආරංචි මාර්ග පැවසීය.

Related posts

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරයි

Admin

ලන්ඩන් කොටි රැළ ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ අභිත නිලධාරියා.. (Video)

colombotoday

ශ්‍රී ලාංකීය තබ්ලික් ජමාත් අනුගාමිකයින් 33 ක් ඉන්දීය අසාදු ලේකනයට

colombotoday

වැලිකන්ද මුතුවැල්ලේ දී බසයක් පෙරැලී 30ක් රෝහලේ…

Admin

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 39ක් අල්ලයි

colombotoday