Colombo Today Local News

ගෑස් අනතුරකින් කාන්තාවක් මරුට

මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ නිවසක සිදු වූ ගෑස් අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා සිටි කාන්තාවක් ඊයේ (06)දින මියගොස් ඇති බව පොලිසිය පවසි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ පදිංචි එච්.එම්. චන්ද්‍රා කුමාරි නැමැති 69 හැවිරිදි කාන්තාවකි.

ඉකුත් නොවැම්බර් මස 19 දින ගෑස් ලිප දැල් වූ අවස්ථාවේදී සිරුරට ගිනි ඇවිළී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සදහන් කරයි.

තුවාල ලැබූ කාන්තාව මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය දැඩි සත්කාරක ඒකකයේ සති දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා ඇති බවත් මීට දින දෙකකට පෙර රෝහලෙන් නිවස වෙත පැමිණි බවත් ඇයගේ ඥාතින් පවසයි.

ඊයේ නැවත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රොහල් ගත කර ඇති අතර ඇයගේ රුධිරයේ සීනි මට්ටම පහළ යාමක් සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබේ. සිද්ධිය පිළිබඳව අදාළ ගෑස් සමාගමට සහ පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දැන්වූ බවද ඇයගේ පවුලේ ඥාතීහු කියති.

Related posts

මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබා දෙන බව අගමැති කියයි

colombotoday

ගාල්ලේ කන්දක් නාය යයි

Admin

රජිව් ගාන්ධි ඝාතනයෙන් නිදහස් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා යළි මෙරටට

Admin

පංති කාමරයක බාල්කයක එල්ලෙන අභිරහස් මළ සිරුරක්

colombotoday

අරක්කු, සිගරට් මිළ ඉහළට, අලුත් වාහනවලට අලුත් බද්දක්, 5 වැනිදා ගේන අයවැයෙන් වෙන්න යන දේවල් මෙන්න

colombotoday

සමෘද්ධිලාභීන් රැකබලා ගන්නා බව සජිත් කියයි

colombotoday