Colombo Today Local News

රටපුරා එකවර විදුලිය බිඳවැටීම කඩකප්පල්කාරී වැඩක් – විදුලි ඉංජිනේරුවරු පරීක්ෂණයක් ඉල්ලති

2

රටපුරා එකවර විදුලිය බිඳවැටීම කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට පිළිගත හැකි බොහෝ සාධක ඇතැයි ලංකාවිදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය කියයි.

එම නිසා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව කරුණු හෙළිකර ගන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ලංවීම ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති ආචාර්ය එම්.එම්. විජේකෝන් මහතා කොළඹ දී අද(6)දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවදී පැවැසීය.

සාධාරණ පරීක්ෂණයකින් පසුව එය කඩාකපපල්කරී ක්‍රියාවකැයි හෙළි වුවහොත් වගකිව යුත්තන්ට උපරිම දඬුවම් ලබාදිය යුත් බව ද සභාපතිවරයා කීය.

රටපුරා විදුලිය විසන්ධිවීම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන අතර විශාල මහජන මුදලක් නාස්තිවීමකැයි ද විජේකෝන් මහතා සඳහන් කරයි.

Related posts

අන්තර්ජාල සේවා සමාගම්වල බාල වැඩක් හෙළිවෙයි !

colombotoday

මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් පත් කරයි

colombotoday

මෙවර අමාත්‍යධුර වෙන් කිරීමට හේතුවක් ඇති බව කෙහෙළිය කියයි

colombotoday

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

විදේශ තානාපතිවරු හය දෙනක් මෙරට ආරක්‍ෂක සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වේ

colombotoday