Colombo Today Local News

සජබ මන්ත්‍රීවරු මැතිසබයෙන් පිටව යති

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ බව පවසයි.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ ඊයේ (03)දින පැවැති පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි.

පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ ඒ පිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බවය.

අද පාර්ලිමෙන්තුව රැස්වු අවස්තාවේදීත් ඒ පිළිබඳව යළිත් කතාබහක් මතුවී තිබුණි.

විපක්ෂය චෝදනා කරන්නේ ඊයේ විපක්ෂයට කාලය අහිමිවීමක් සිදුවූ බවය.

Related posts

ට්‍රක් රථයක සැඟවී රුමේනියාවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් හසුවෙයි

Admin

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

colombotoday

පාර්ලිමේන්තු සභා ගැබේ එල්ලා ඇති මහ පහන කඩා වැටේ !

colombotoday

මත් ද්‍රව්‍යට ඇබ්බැහි වු රැදවියන් 8500ක් ඇප මත නිදහස්

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday