Colombo Today Local News

“ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ.”

ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බලශක්ති අමාත්‍යවරයා පැවසූයේ විදේශ විනිමය ප්‍රශ්නය සමඟ විදුලි කපා හැරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා පළ කළ බිය සාධාරණ බවයි.සාමාන්‍ය තත්ත්වය යටතේ එවැනි අර්බුදයක් ඇති වන්නට ඉඩ තිබූ නමුත් සපුගස්කන්ද පිරිපහදුව වසා දමන විටත් දැවිතෙල් මෙට්ට්‍රික් ටොන් 79000ක් තෙල් ටැංකිවල තිබූ බව අමාත්‍යවරයා කීය.

වර්ෂාව සමඟ ජල විදුලි භාවිතය 50% 55%දක්වා ඉහළ ගොස් තිබෙන නිසා මේ දිනවල දැවි තෙල් වලට විදුලිබල මණ්ඩලයේ ඉල්ලුමක් නැතැයි ද මේ වන විටත් ටැංකි පිරී බැවින් තිබෙන බවද සඳහන් කළ බලශක්ති අමාත්‍යවරයා වැස්ස නතර වුණත් තව දින හතළිහකට පමණ විදුලි උත්පාදනයට ප්‍රමාණවත් දැවි තෙල් තිබෙන බව කීය.

Related posts

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

සම්පත් බැංකුව පිහිටා ඇත්තේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්.. සම්පත් බැංකුවේ හටගත් උණුසුම් තත්වයට ප්‍රතිචාර දක්වමින් නිමල් පෙරේරා කියයි

colombotoday

“ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ ප්‍රමාද කරන්නත් බැහැ…”

Admin

“මාධ්‍යට හොද පාඩමක් උගන්වනවා.. 10 වෙනිදාට බලාගමු” – ඇමති කිරිඇල්ල

colombotoday

හදුන්නෙත්තිගේ යාලුවා ඩොලර් මිලියනේ එවලද?

Admin