Colombo Today Local News

පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකි ලීක්. – එක් සිලින්ඩරයක් ගිනිගනී. අනෙක් ටැංකිය කඩිනමින් ඉවත් කරයි.

පුත්තලම දළුව සහ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුවේ නිවෙස් දෙකක ගෑස් ටැංකි දෙකකින් ගෑස් කාන්දුවක් හේතුවෙන් එක් නිවෙසක සිලින්ඩරයක් ගිනිගෙන ඇති අතර අනෙක් නිවසේ ගෑස් ටැංකිය කඩිනමින් නිවසින් ඉවත් කළ බව එහි නිවැසියෝ පැවැසූහ.

පුත්තලම දළුවේ නිවසක ගෑස් සිලින්ඩරයකින් නිකුත් වු ශබ්දය ඇසි ඒ පිළිබදව වැඩිහිටියන්ට දැනුවත් කිරීම නිසා ජීවිත රැසක් ආරක්ෂා කර එම නිවසේ දැරියක් සමත් වී ඇත.

පුත්තලම දළුව නිර්මලපුර 8 හැවිරිදි අමායා පහන්දී වන මෙම දැරිය නිවසේ කාමරයක තිබු තිබු අමතර ගෑස් සිලින්ඩරයකින් නිකුත් වු ශබ්දය පිලිබදව තම පියාටත් මවටත් ඒ මොහොතේම දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගෑස් ටැංකිය ආරක්ෂාකාරීව ඉවත් කිරීමට සමත් වී ඇත.

ආරච්චිකට්ටුව වෛයිරසන්කට්ටුවේ නිවෙසක තිබූ ගෑස් ටැංකියක වූ කාන්දුවක් හේතුවෙන් එය ගිනි ඇවිලි ඇති අතර අසල්වාසීන් එක්ව වතුර සහ වැලි ගසා එය නිවා දමා ඇත.

Lankadeepa

Related posts

උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ

colombotoday

ඩෙංගු සමග සිකා වෛරසය රටපුරා පැතිරයාමේ අවදානමක්

colombotoday

“හිගා කාල අපි ඇප ගන්නේ නෑ“ – ඇප ලබා එළියට ආ විමල්ගෙන් සැර කතාවක් (Video)

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට… සියල්ල සූදානම්

Admin

“තෙල් වර්ජනය මට්ටු කළ අයුරින්ම සයිටම් විරෝධයටත් පිළිතුරු ලැබෙයි” – නෙවිල් ප්‍රනාන්දු

colombotoday

Video: ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ජනපතිවරණයට බාධාවක් නොවේ.

colombotoday