Colombo Today Local News

පොලිසියට පහර දුන් 6කට වැඩ වරදී. රාජගිරියේදී මාට්ටු

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර බරපතළ තුවාල සිදුකිරිමේ චෝදනා මත පුද්ගලයින් 06 දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් පසුගිය ඔක්තොම්බර් මස 4 වනදා ධර්මපුරම් පිරමන්දාරු ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් සමථයකට පත්කිරීමට ගිය ධර්මපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට පහරදීමක් සිදුකර තිබුණි.

එහිදි එක් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර පහරදුන් පුද්ගලයින් සොයා පොලිස් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව ඊට සම්බන්ධ පුද්ගලයින් 06දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේ වැඩබිමක සේවය කරමින් සිටියදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද (26)දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

LTTE සාමාජිකයකු සහ එම සංවිධානයට උපකාර කළ පුද්ගල නම් දෙකක් අසාදු ලේඛනයෙන් ඉවත් කරන්නැයි මංගල බලපෑම් කරලා..කොමිසමේ දී හෙළිවේ

colombotoday

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday

රටපුරා මහ වැසි, තද සුළං… කාලගුණය පිළිබඳ “රතු නිවේදනයක්” නිකුත් කරයි

colombotoday

මැතිවරණ දිනය තීරණය කිරිමට කොමිෂම අද රැස්වෙයි

colombotoday

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග

colombotoday

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

colombotoday