World

අමෙරිකාවම කම්පා කල කළු ජාතික අහමඩ් ආර්බරි ගේ ඝාතනයට සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් කෙරේ

මුළු අමෙරිකාවම කම්පාවට පත්කළ අහමඩ් ආර්බරි ගේ ඝාතනය සම්බන්ධයෙන් එම චෝදනාව එල්ල වූ සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් බව ජුරිය විසින් පවසා තිබේ.

ඒ අනුව ග්‍රෙගරි මැක් මයිකල්, ට්‍රැවිස් මයිකල් සහ විලියම් රොඩී බ්‍රයන් ද්වේශ සහගතව එම කළු ජාතික තරුණයාව ඝාතනය කර ඇති බවට වරදකරුවන් කෙරිණි.

විත්තිකරුවන් තිදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙතැයි අපේක්ෂා කෙරේ.

එවකට 25 හැවිරිදි වියේ පසුවූ අහමඩ් ආර්බරි ශාරීරික ව්‍යායාම කරමින් මාර්ගයේ දිව යමින් සිටියදී ඔහු පසුපස වාහනයකින් හඹා ආ විත්තිකරුවන් ඔහුට පහරදී වෙඩිතබා ඝාතනය කර තිබුණි.

2020 පෙබරවාරි 23 වනදා ජෝර්ජියා හි බ්‍රන්ස්වික් නම් ප්‍රදේශයේදී සිදුකර තිබූ එම වෙඩිතැබීම සිදුවන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජගත වීමත් සමගම එම ඝාතනය ජාතිවාදී ඝාතනයක් ලෙස අර්ථ දැක්විණි.

එම විත්තිකරුවන් තිදෙනාට දඬුවම් ප්‍රකාශයට පත්කරන දිනය විනිසුරුවරයා විසින් සඳහන් කර නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපත් ජෝ බයිඩන් පවසන්නේ, “මගේ පාලනය තුළ සැමදෙනාටම නීතියේ සමානාත්මතාව ඇතිකිරීමට කටයුතු කරනවා,” යනුවෙනි.

එකමුතුකම ඇතිකිරීම කරා සියලුදෙනා කටයුතු කිරීම වැදගත් බවද ඔහු පවසා තිබේ.

Related posts

ලෝක බලවතාගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්

colombotoday

මියන්මාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොර වසයි !

colombotoday

සූකීගේ නිලධාරියකු හමුදා අත්අඩංගුවේ සිටියදී මිය යයි

colombotoday

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ බවට සැක කොටස් හමුවෙයි

Admin

චීනය කෝප වේ…. ඉවසීම ඉවරයි… ඇමරිකාවට බරපතල අනතුරු ඇගවිමක් කරයි !

colombotoday

ඉස්ලාම් අත්හල සෞදි තරුණිය ට්වීටර් පිහිටෙන් දිවි බේරාගත් හැටි….

colombotoday